Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අවුරුදු මතක - අනූෂා දමයන්තිට නැකැත් පැටලිලා

Saturday, April 11, 2015
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ නොනගතය, ලිප ගිනි මෙලවීම හා ආහාර අනුභවය යන චාරිත්‍ර ඉටුකරන්න රංගන ශිල්පිණී අනුෂා දමයන්ති හැම අවුරුද්දෙම උත්සහ කරනවලු. එත් පහුගිය අවුරුද්දක සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබුණු දවසේ  ඇයට හදිසි ගමනක් යන්න වෙලා. ඇය මේ ගමන ගිහිං තියෙන්නේ නොගිහිං බැරි කමට. ඇගේ මවත් ඊට එකතු වී තිබෙනවා. කොහොම හරි ඉක්මනට ඇවිත් නැකැත් චාරිත්‍ර ඉටුකරන්න හිතාගෙන තමයි ඔවුන් මේ ගමන ගිහිං තියෙන්නේ. ගෙදර ආපු ගමන්ම අනුෂාත් අම්මත් දෙන්නා හරිම කළබලෙන් නැකැත් චාරිත්‍ර ඉටුකරන්න ලෑස්ති වෙලා. නැකැත් වෙලාව හරියටම දැනගන්න TV එකත් දාලා දෙන්නා කුස්සියට ගිහිං. ඒ වෙලාවේ යංතමට වගේ දෙන්නට ඇහිලා නැකැත උදාවූ බවට TV එකේ ගිය නිවේදනය. ඉතිං දෙන්නා එකතු වෙලා ඉක්මනටම ලිපි ගිනි මොලවලා, කිරි බතකුත් හදාල, කෑම මේසෙත් සූදානම් කරලා. දැන් දෙන්නා බලං ඉන්නවලු, ඊළඟ නැකැත උදාවෙනකං. එහෙම ඉද්දි එහෙන් මෙහෙන් රතිඤ්ඤා සද්දෙත් ඇහිලා. නැකැත ගැන දැනගන්න අනුෂායි අම්මයි දෙන්නා TV එක ඉස්සරහට ගිහිං. එතකොටලු දෙන්නට දෙලොව රත්වුණේ. ලිප ගිනි මොලවන නැකත උදාවෙලා තියෙන්නේ ඒ වෙලාවේ. එතකොට කලිං උදාවූ නැකත මොකක්ද ? අනුෂා කළබලෙන් වගේ ලිත බැලුවලු. අයියෝ අම්මයි දුවයි දෙන්න ලිපි ගිනි මොලවල තියෙන්නේ අවුරුදු උදාවේදීයී. 

තවත් කලාකරුවෙකුගේ අවුරුදු මතකයක් බලාපොරොත්තුවන්න

තවත් කලා පුවත්

Previous
Next Post »