Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අවුරුදු මතක - ටෙනිසන් විකට අැදුම් තරගයක

Sunday, April 12, 2015
රංගන ශිල්පී ටෙනිසන් කුරේ ඒ කාලේ පොඩි ළමයෙක්ලු. එයාගේ ලෝකේ වීරයා තමයි ජෝ අබේ වික්‍රම. දෛවෝපගත විදිහට ටෙනිසන්ගේ ගෙවල් පැත්තේ අවුරුදු උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස ජෝ අබේවික්‍රමත් ඇවිත්. ඊට අමතරව අනුලා කරුණාකිලත් මේ අවුරුදු උත්සවයේ ආරාධිතයෙක්ලු. ඉතිං ටෙනිසන් කල්පනා කලාලු වැඩ පෙන්වන්න. ඔහුගේ ලොකුම හැකියාව තමයි රගපෑම. ඒ නිසා ඔහු තීරණය කළේ විකට ඇදුම් තරගයට ඉදිරිපත් වෙන්න. තනියම නෙමෙයි වැඩේට යළුවෙක්වත් හවුල් කරං. දෙන්නා එක්ක එකතුවෙලා විකට ඇදුම් තරගෙදි විකට ජවනිකාවක් ඉදිපරත් කරලා. ටෙනිසන් පුතා විදිහට, යාළුවා තාත්තා විදිහට. තරගය විනිශ්චය කළේ ජෝ අබේවක්‍රම සහ අනුලා කරුණාතිලක ඇතුලු පිරිසක්. තවත් සෑහෙන පිරිසක් ඉදිරිපත් වී සිටියත් මේ තරගයෙන් ජයන්න ටෙනිසන් සමත් වුණා. දැන් ඊළග ප්‍රශ්ණේ තෑග්ග බෙදාගැනීම. තෑග්ගට ලැබුණේ සාස්පානක්ලු. ඉතිං දැනේ කොහොමද මේක බෙදාගන්නේ. ලොකු විවාදෙකින් පස්සේ ටෙනිසනුයි යාළුවයි අපූරු එකගතාවයකට ආවා. ටෙනිසන්ට සාස්පාන. යාළුවට ඒකේ පියන. හැබැයි ඊට පස්සේ තමයි අපූරුම වැඩේ සිද්ධ වුණේ. තෑග්ගත අරං ආයෙත් යන්න බලද්දි ටෙනිසන්ගේ යාළුවගේ බයිසිකලේ කවුරු හරි හොරෙං අරං ගිහං. දැන් මොක ද කරන්නේ...... සාස්පානේ පියනත් අරං යාළුවා පයිංම ගෙදර ගියාලු.

තවත් කලාකරුවෙකුගේ අවුරුදු මතතයක් බලාපොරොත්තුවන්න

තවත් කලා පුවත්

Previous
Next Post »