Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අවුරුදු මතක - ශ්‍රියන්තගේ හොරකමක් අහුවෙයි

Monday, April 13, 2015
අවුරුදු කෑම මේසෙට මොව නැතත් කිරිබත් නම් හැදෙනවා. රංගන ශිල්පී ශ්‍රියන්ත මෙණ්ඩිස්ගේ ගෙදරත් ඒකේ වෙනසක් නෑ. හැබැයි මේ සිදිධිය වෙනකොට ශ්‍රියන්ත පොඩි ළමයෙක්. එදා කිරිබත වැඩුවේ ශ්‍රියන්තගේ චූටි නැන්දා. ඒක දිහා බලා ඉදලා ශ්‍රියන්තගේ කටට කෙළ උනන්න පටං ගත්තා. ටික වෙලාවකින් මේසේ උඩට හකුරු පිඟානකුත් ඇවිත්. දැං ඉතිං ශ්‍රියන්තට ඉන්නම බෑලු. ඒත් කරන්න දෙයක් නෑ....  ආහාර අනුභවය නැකතට තව වෙලාව තියෙනවා. ඔන්න ඔය වෙලාවේ චූටි නැන්දා වෙන මොකක්දෝ වැඩකට පැත්තකට ගියා. දැං ඉතිං ශ්‍රියන්තගේ වෙලාව. හකුරු පිගානෙං ගත්තා හකුරු පෙත්තක්. කිරිබත වැඩුවට තාම කෑලි කපලා නෑ. ඒ හිංදා ඇගිලි පහෙන්ම හූරලා ගත්තා කිරිබත් අහුරකුත්. හකුරු කෑල්ලයි කිරිබතුයි නිදහේ කන්න හිතාගෙන ශ්‍රියන්ත ගිහිං ඉදගත්තේ මිදුලේ බැදලා තිබුණු ඔන්චිල්ලාව උඩ. ඒත් මොන, ශ්‍රියන්තගේ තාත්තට හොරේ අහුවුණා. ආහාර අනුභවයට නැකත උදාවුණේ ශ්‍රියන්තට හොද ගුටි පූජාවකුත් එක්කලු.

තවත් කලා පුවත්

Previous
Next Post »