Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අවුරුදු මතක - ඔන්චිලා පදින්න ගොස් ශ්‍රියාණි තුවාල වෙයි

Sunday, April 12, 2015
රංගන ශිල්පිණී ශ්‍රියාණි අමරසේන පුංචි දැරියක් කාලේ ඔන්චිල්ලා පදින්න හරි කැමතියිලු. සිංහල හා දෛමළ අවුරුද්ද වෙනුවෙන් ගමේ කට්ටිය එකතුවෙලා ඔන්චිල්ලාවක් බැන්දම ඒ වටේ එකතුවෙන අය අතර ශ්‍රියාණි ඉස්සරහින්ම හිටියා. කට්ටිය ඔන්චිලි පදින්නේ මාරුවෙන් මාරුවට. එක්කෙනක්ට වාර 10 යි. තල්ලු කරන්න ඕන ඊළගට පදින එක්කෙනා. ඔන්න දැං ශ්‍රියාණිගේ තල්ලු කරන වාරේ ආවලු. පදින කෙනාගේ විනෝදේ තමයි පුළුවං තරං උඩ යන එක. තල්ලු කරන කෙනා උත්සහ කරන්නේ පුළුවං තරං උඩ යවන්න. ඒ වගේම තල්ලුව දැම්ට පස්සේ ඔන්චිල්ලාව යටින් ඉස්රහට දුවං යන එකත් විනෝදයක්. ශ්‍රියාණිත් එහෙමලු. තල්ලුව දැම්මට පස්සේ ඉස්සරට දුවං යනවා. ඔහොම කරද්දි එකපාරක් වේගේ වැඩි කමට දුවගෙන යද්දි කකුල් පැටලිලා ශ්‍රියාණි වැටිලා. ඇග පුරා තුවාල. අම්මගෙන් හොදටම බැණුම් අහලා. හැබැයි ඉතිං තුවාල පිහදලා බෙහෙත් දාලා ඉවර වෙච්චි ගමන් ශ්‍රියාණි ආයෙත් දුවගෙන ගියේ ඔන්චිල්ලාව ලගටමලු. 

තවත් කලාකරුවෙකුගේ අවුරුදු මතකයක් බලාපොරොත්තුවන්න

තවත් කලා පුවත්

Previous
Next Post »