Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සාරංග සහ උමාලි පොල්අතු පැළක අවුරුදු සමරයි

Wednesday, April 15, 2015
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඊයේ (අප්‍රේල් 14) දිනයට යෙදී තිබුණා. ඒ හා බැඳුණු නැකැත් චාරිත්‍ර ඉටුකිරීමට සෙසු පිරිස් වගේම කලාකරුවන් ද එක් වුණේ බොහොම උනන්දුවෙන්. රංගන ශිල්පී සාරංග දිසාසේකර සහ රංගන ශිල්පිණී උමාලි ඉරුදිනී තිලකරත්න අදාළ චාරිත්‍ර ඉටුකළේ පොල් අතු පැළකදීයි. ලෝක උරුමයක් ද වන සීගිරිය පර්වතය පෙනෙන මානයේ පොල් අතු පැළ ඉදිකර තිබුණා. සාරංග සහ උමාලි පමණක් නෙමෙයි රොෂාන් රණවන සහ ඔහුගේ භාර්යාවත් ශ්‍රියන්ත මෙණ්ඩිස් සහ කුසුම් රේණු යුවල වගේම විජේරත්න වරකාගොඩ ස චිත්‍රා වරකාගොඩ යුවලත් ඊයේ සියලු නැකැත් චාරිත්‍ර ඉටුකළේ සීගිරිය පෙනෙන මානයේ පොල් අතු පැළවලයි. ස්වරණවාහීනී නාලිකාව සිය අලුත් අවුරුදු විශේෂාංගය ලෙස මෙම අවස්ථාව සංවිධාන කර තිබුණා.

සාරංග සහ උමාලි යුවලගේ අවුරුදු සැමරුම



රොෂාන් රණව‍න අවුරදු සැමරූ හැටි



තවත් කලා පුවත්

Previous
Next Post »