Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පූජාගේ අවුරුදු ‍සෙල්ලං

Wednesday, April 15, 2015
ඉන්දියාවෙන් පැමිණ ශ්‍රී ලාංකිකයන්ගේ සිත් දිනාගත් රංගන ශිල්පිණී පූජා උමාශංකර් ශ්‍රී ලාංකික සෙසු කලාකරුවන් මෙන්ම ඊයේ (අප්‍රේල් 14) අලුත් අවුරුද්ද සැමරුවා. ඒ කළුතර ප්‍රදේශයේදී දරු දැරියන් සහ වැඩිහිටියන් පිරිසක් සමගයි. මෙහිදී සෙසු අය සමග එක්ව ඔන්චිල්ලා පැදීමටත් විවිධ විනෝද ක්‍රීඩාවල යෙදීමටත් පූජා ලොකු උනන්දුවක් දැක්වුවා. තරගවලින් ජයග්‍රහණය කළ අයට තෑගීද පිරිනැමුණු අතර ඊට අමතරව පූජාගෙන් උණුසුම් හාද්දක් බැගින් ද ඔවුන්ට හිමිවුණා. නැකතට කිරි ඉතිරවීම ඇතුලු අලුත් අවුරුදු චාරිත්‍ර ද මෙහිදී සිදුකෙරුණු අතර කිරිබත් සහ කැවිලි වලින් සමන්විත කෑම මේසයක් ද පිළියෙල වුණා.



පූජාගේ අවුරුදු සෙල්ලං




ඔන්විලි පැදිල්ල


තරගවලින් දිනපු අයට තෑගි



තෑගි එක්ක හාදුත්



කිරි ඉතිරෙයි



අවුරුදු කෑම මේසය



ආපු අයත් එක්ක ගත්තු PHOTO















තවත් කලා පුවත්

Previous
Next Post »