Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගප්පියාගේ අවුරුදු වීඩියෝව

Friday, April 17, 2015
ගප්පියා කියන්නේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්. ඔහුගේ සැබෑ නම තරිදු විජේසේකර. ශ්‍රී ලංකාවේ මහරගම පදිංචි තරිදු ඔස්ට්‍රේලියාවට ගියේ වැඩිදුර අධ්‍යාපනය සදහා. සිය අධ්‍යාපන කටයුතු අතර විවේකයක් තියෙන වෙලාවට ඔහු කෙටි වීඩියෝ නිර්මාණය කරන්න පටංගත්තා. ඒවා අන්තර්ජාලයට මුදාහැරුණා. මේ බොහෝ වීඩියෝ ඔහු තනව රගපාලා, ඔහු විසින්ම වීඩියෝගත කරලා, ඔහුම සංස්කරණය කළ ඒවා. එම වීඩියෝ හාස්‍ය රසයෙන් යුක්තයි. ඒ වගේම සමාජයට කිසියම් පණිවුඩයකුත් ඇතුලත්. කෙහොම උණත් ගප්පියාගේ වීඩියෝ අන්තර්ජාලයේ හරිම ජනප්‍රියයි.

ඉකුත් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ආසන්නයේදී ගප්පියා තවත් අලුත් වීඩියෝවක් නිර්මාණය කළා. ඒ වීඩියෝවටත් මේ වනවිට ඉතා හොද ප්‍රතිචාර ලැබී තිබෙනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »