Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නයනා කුමාරි ආයෙත් පෙම්වතියක් වෙයි

Saturday, April 18, 2015
නයනා කුමාරි, නිතරම වගේ ප්‍රවෘත්ති මවන්නියක්. සිය රංගන කාර්යන් නිසාම නෙමෙයි ඇය සම්බන්ධයෙන් වරින් වර පැතිර යන කට කතාත් ඊට හේතුවයි. කෙසේවෙතත් මේ කියන්න යන්නේ නම් කට කතාවක් නෙමෙයි. නයනාම කියපු කතාවක්.

දැන් අවුරුදු 9 කුත් වූ දරුවෙක් ද සිටින නයනා ඹන්න ආයෙත් පෙම්වතියක් වෙලා. එක්කෙනෙක් නෙමෙයි තමන්ට දැන් පෙම්වතුන් තුන්දෙනෙක්ම ඉන්න බව තමයි නයනා කියා සිටියේ. හැබැයි මේ දේවල් සිද්ධ වෙන්නේ ඇත්ත ලෝකෙදී නෙමෙයි. ළඟදීම විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යක. මෙම ටෙලි නාට්‍යයේ නම හෝ එය විකාශය වන නාලිකාව නම් නයනා හෙළිකළේ නැහැ. කෙස් වෙතත් ඊට පාදක වී තිබෙන්නේ ගමේ ඉදලා නගරෙට එන යෞවනියකගේ කතාවක් බව අැය කියා සිටියා. මේ කතාවෙදි ඇයට මුණගැහෙන පෙම්වතුන් තමයි බුදුධික ජයරත්න, චින්තක කුලතුංග සහ සරත් දික්කුඹූර.

මීට අමතරව තවත් ටෙලි නාට්‍ය කිහිපයකම පහුගිය දිනවල තමන් රගපෑ බව ද නයනා පවසනවා. ඒවයෙන් දෙකක් දැනටමත් විකාශය වෙනවා. ඒ "දිරිය ‍දෝණි" සහ "ස්නේහා". කෙහොම උණත් ඊට වඩා බොහෝ ටෙලි නාට්‍යවලටත්, චිත්‍රපට දෙකකටත් තමන්ට ආරාධනා ලැබුණු බවයි නයනා පවසන්නේ. එත් ව්‍යාපාර කටයුතුවලින් කාර්ය බහුල වී සිටීමත් අලුත් රංගන ශිල්පිණියන්ට අවස්ථාවක් ලබාදිය යුතු නිසාත් ඒවා ප්‍රතික්ෂේප කළ බව ද ඇය කියා සිටියා.


තවත් කලා පුවත්

Previous
Next Post »