Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ක්‍රිකට් පිටියට එන්න බොලිවුඩ් තරු පුහුණුවීම් අරඹයි

Sunday, April 05, 2015
IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග්හි 8 වන තරගාවලිය ලබන 7 වනදා (අප්‍රේල් 7) ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩංගණයේදී ආරම්භ වනවා. වෙනත් වසර වර වගේම මෙවරත් එහි සමාරභක උත්සවය ඉතා විචිත්‍රවත්ව පැවැත්වීමටයි සංවිධායකයන් සූදානම් වී සිටින්නේ. රසික සිත් දිනාගත් සුපිරි බොලිවුඩ් තරු රැසක් ද එහිදී නර්තානාංග හා වෙනත් විශේෂාංග ඉදිරිපත් කිරීමට නියමිතයි. කිංග් ඛාන් ලෙස ද විරුදාවලි ලත් ෂාරුක් ඛාන්, බොලිවුඩයේ නර්තන රජෙකු ලෙස සැලකෙන රිතීක් රෝෂන් හා ෂඩීඩ් කපූර් ද ඒ අතර වන බව ඊයේ (අප්‍රෙල් 4) නිල වශයෙන් නිවේදනය කෙරුණා. එමෙන්ම ෆර්හාන් අක්තාර්, ප්‍රීති සින්ටා සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව ලද පරාජය සම්බන්ධයෙන් එරට ක්‍රීඩාලෝලීන්ගේ දැඩි වවේචනයට ලක්වූ විරාඩ් කෝලිගේ පෙම්වතිය වන අනුශ්කා ෂර්මා ද ඊට එක්වනවා. උත්සවයට මෙහෙයවනු ලබන්නේ රංගන ශීල්පී සයිෆ් අලී ඛාන් විසින්. මේ සියළු දෙනා සිය ඉදිරිපත් කිරීම් සදහා මේ දිනවල පුහුණුවීම කරන බව ද "කලාපූර්" වෙත වාර්තා වුණා.

අනුශ්කා ශර්මා IPL සමාරභක උත්සවයට එක්වන බවට වූ ප්‍රවෘත්තිය ඉන්දීය මාධ්‍යක් වාර්තා කළ අයුරු




IPL 2013 තරගාවලියේදී ශාරුක් ඛාන් කළ ඉදිරිපත් කිරීමක්


තවත් කලා පුවත්

Previous
Next Post »