Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

වෙලේ සුදා සමග ගණුදෙනු කළ නිළියන්

Monday, April 06, 2015
කුප්‍රකට මත් කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග මෙරට නිළියන් කිහිපදෙනෙකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි පොලීසිය සැක පළකරනවා. වෙලේ සුදා, පොලීසිය හමුවේ කළ නවතම අනාවරණයන් හේතුවෙනුයි මෙම සැකය මතුවී තිබෙන්නේ. අදාළ නිළියන් සමග වෙලේ සුදා අවස්ථා කිහිපයකදී විදේශ සංචාරවල යෙදී ඇතැයි ද තොරතුරු ලැබී තිබෙනවා. මත් කුඩු ජාවරමෙන් උපයාගත් මුදල් රහස් ගිවිසුම් යටතේ මෙම නිළියන් මාර්ගයෙන් මුල්‍ය ආයතවල තැම්පත් කිරීමට ද වෙලේ සුදා කටයුතු කර ඇති බවයි පොලීසිය සැක කරන්නේ. මීට අතරව අදාළ නිළියන් මාර්ගයෙන් දේපළ මිලදී ගැනීමට ද වෙලේ සුදා කටයුතු කර ඇතැයි සැක කෙරෙනවා.

සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සමග ද සීමප සම්බන්ධතා පවත්වා ඇති බවයි මීට පෙර ප්‍රකාශ කෙරුණේ. හිටපු පොලිස්පතිවරයෙකු සමග ද තමන් සම්බන්ධතා පැවැත්වූ බව වෙලේ සුදා පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.





තවත් කලා පුවත්

Previous
Next Post »