Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මහරජ ගැමුණු ඔස්ට්‍රේලියාව හා කැනඩාවත් අල්ලයි

Tuesday, April 07, 2015
ප්‍රේක්ෂක හා විචාරක පැසසුම් ලබමින් මේ දින වල රට පුරා තිරගතවන මහරජ ගැමුණු චිත්‍රපටය විදෙස් රටවල් කීපයකද තිරගත කිරීම ආරම්භ කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි "කලාපූර්" වෙත පැවසුවේ දැනටමත් මෙම චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ හා කැනඩාවේ තිරගත කර ඇති බවයි. ඉදිරියේ දී මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඉතාලිය, ජර්මනිය සහ නවසීලන්තය යන රටවලද එය තිරගත කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඒ සදහා වන සාකච්ඡා දැනටමත් සිදුකර ඇතැයිද  ජයන්ත චන්ද්‍රසිරි මහතා කියා සිටියා.

ශ්‍රි ලංකාවේ දී මෙන්ම ඔස්ට්‍රේලියාවේ හා කැනඩාවේදීත් මහරජ ගැමුණු චිත්‍රපටය සදහා ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුනු බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. කෙසේ වෙතත් මෙම චිත්‍රපටය වෙනත් භාෂාවකට හඬකවා නොමැති බවද වෙනත් රටවල තිරගත කිරීමේදී ඊට ඉංග්‍රීසි බසින් උපසිරසි යොදන බවද ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවා. 

ශ්‍රි ලංකාවේ සිනමා ශාලාවල මහරජ ගැමුණු තිරගත වීම ආරම්භ වී දැන් දින 75 කට ආසන්නයි. පළමු වටයේ සිනමා ශාලාවලම මෙම චිත්‍රපටය දින 100 ක් තිරගත කෙරෙනු ඇතැයි ජයන්ත චන්ද්‍රසිරි මහතා විශ්වාසය පලකළා.

තවත් කලා පුවත්

Previous
Next Post »