Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මහින්ද එලවන්න කලාකරුවන්ගේ කදවුරක්

Tuesday, April 07, 2015
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සදහා දේශපාලන මෙහෙයුමක් ආරම්භකර තිබෙන කලාකරුවන්ගේ එකමුතුවක් පිළිබද "කලාපූර්" මීට පෙර වාර්තා කලා. පසු  අවස්ථාවක දී අප අනාවරණ කලේ තවත් කලාකරුවන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වී සිටින බවයි. මේ අතර හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණීම වැලැක්වීම සදහා ද කලාකරුවන් පිරිසක් එකමුතුවී සිටිනවා. ඒ "ප්‍රජාතන්ත්‍රවාදය සදහා කලාකරුවෝ" නමින්. මෙම සංවිධානය විසින් කැදවන ලද මාධ්‍ය හමුවක් කෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේදී ඉකුත් දා පැවැත්වුණා. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන බෙනට් රත්නායක සහ ඉනෝකා සත්‍යංගනී රංගන ශිල්පිනී දීපානි සිල්වා සහ සාහිත්‍ය විචාරක ගාමිණී වියන්ගොඩ ඊට සහභාගී වී සිටි කිහිපදෙනෙක්.

තවමත් හොල්මන් කරන  මහින්ද රාජපක්ෂ අවතාරයට නැවත පණ දීමට ඇතැම් අය දරන උත්සාහය ජනවාරි 08 වන දා ප්‍රකාශිත මහජන තීන්දුවට පිටුපෑමක් බව බෙනට් රත්නායක මෙහිදී කියා සිටියා. බලයට පත්වී සිටින නව ආණ්ඩුවෙන්  කලා ක්ෂේත්‍රයේ සංවර්ධනයට සිදුවිය යුතු මෙහෙවර නොපමාව ඉටුකරවා ගැනීම මේ මොහොතේ කලාකරුවන්ගේ ප්‍රමුඛ උත්සාහය විය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජනවාරි 08 වනදා ප්‍රකාශිත මහජන තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතාවට ඇති පිපාසය කියාපාන්නක් බව දීපානි සිල්වා  පැවසුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් වන බවයි ඇය පෙන්වා දුන්නේ. ඒ අනුව තමන් ඊට සහය දෙන බවද දීපානි සිල්වා කියා සිටියා.












,


තවත් කලා පුවත්

Previous
Next Post »