Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දිපිකා පදුකෝන්ට ඉන්දියන් කොල්ලන්ගෙන් කනේ පහරක්

Wednesday, April 08, 2015
ඉන්දීය සුරූපී නිලි දීපිකා පදුකෝන් විසින් රංගනයෙන් දායකවූ කාන්තා නිදහස ඔප්නැන්වීම යන්න තේමා කොට ගත් My Choice වීඩියෝව ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා සීඝ්‍රයෙන් ප්‍රචලිත වුණා. මෙම වීඩියෝව කෙටි කලක් තුල  ලක්ෂ 32කට අධික වාරයක් YouTube ඔස්සේ නරඹා තිබෙනවා. එසේම Facebook හරහා තවතවත් කතා බහට ලක් වුණා.

විනාඩි 2 කුත් තත්පර 34ක් පුරාවට දිවෙන වෝග් ආයතනය විසින් නිර්මාණය කර ඇති අදාළ වීඩියෝව කොක්ටේල් සහ ෆයින්ඩින්ග් ෆැනී යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ හොමී අද්ජානියා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර එය නිෂ්පාදනය කර ඇත්තේ දිනේෂ් විජාන් විසිනි.

බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් හා මුම්බායි නුවර වෙසෙන තවත් කාන්තාවන් 98 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් නිර්මාණය කර ඇති My Choice වීඩියෝව පුරා දැක්වෙන්නේ කාන්තාවකට කැමති ඕනෑ ම දෙයක් කිරීම සඳහා නිදහසක් ඇති බවයි. 

මෙම වීඩියෝවට ප්‍රතිචාරයක් ලෙස දැන් පිරිමින් වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද වීඩියෝවක්ද නිර්මාණය වී තිබෙනවා. එහි සදහන් වන්නේ පිරිමින්ට ද තමන්ට ඕනෑම තීරණයක් ගැනීමට අයිතිය ඇති බවයි.

උපහාසාත්මක තේමාවක් ගන්නා මෙම වීඩියෝවද මේ වනවිට ජනප්‍රිය වෙමින් පවතිනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.


දීපිකා පදුකෝන් විසින් කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි විීඩියෝව පහතින්.

තවත් කලා පුවත්

Previous
Next Post »