Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Miss India තරගයට ජැකලීනුත්

Saturday, April 04, 2015
Miss India 2015 රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවේ මුම්බායි නුවරදී ඉකුත්දා පැවැත්වුණා. ශ්‍රි ලංකාවේ හිටපු රූ රැජිණක් වන ජැකලීන් ෆර්නැන්ඩර්ස් ද මෙහිදී නර්තනාංගයක් ඉදිරිපත් කිරීම විශේෂත්වයත්. ඊට අමතරව කරීන් කපූර් ඇතුළු තවත් බොලිවුඩ් තරකා කිහිපයක් ද මෙම උත්සවයේදී නර්තනාංග ඉදිරිපත් කළා. 

තරගකාරියන් දහස් ගණනක් අතරින් මෙහි කිරුළ දිනාගත්තේ ආදිති ආර්යා (Aditi Arya) යි. මේ වනවිට 21 වන වියේ පසුවන ඇය වෘත්තියෙන් නිරූපිකාවක්. උස අඩි 5 යි අගල් 11 ක්. සිරුරේ මිමි 33, 23, 36 ක් වනවා. උසස්  අධ්‍යාපනය ලබා ඇත්තේ නවදිල්ලි විශෟව විද්‍යාලයෙන්. Miss India 2015 රූ රැජිණ තරගාවලියේ ලද මෙම ජයග්‍රහණයත් සමග Miss World රූ රැජිණ තරගයේදී ඉන්දියාව නියෝජනය කිරීමේ අවස්ථාව ද අදිතීට හිමිවනවා. ජයග්‍රාහී කිරුළ ඇයට පළදවනු ලැබුවේ ඉන්දියාවේ හිටපු රූ රුජිණ වන කොයාල් රානා (Koyal Rana) විසින්.

Miss India 2015 රූ රැජිණ තරගාවලියේ මෙවර අනුශූරිය වූයේ අෆ්රීන් රේචල් වේස් (Aafreen Rachel Vez). ඒ අනුව Miss International රූ රැජිණ තරගයේදී ඉන්දියාව නියෝජනය කිරීමේ අවස්ථාව ද ඇයට හිමිවනවා. තුන්වැන්නා ලෙස කිරුළු දැරුවේ වර්තිකා සිංග් (Varthika Singh). ඉන්දියාව නියෝජනය කරමින් Miss Grand International රූ රැජිණ තරගයට ඉදිරිපත්වීමේ අවස්ථාව ඒ අනුව ඇයට හිමිවනු ඇති.

ජයග්‍රාහිකාවන්






ආදීති ආර්යාගේ තවත් ඡායාරූප කිහිපයක්







තරගෙට ආ තවත් අය


ජැකලීන්ගේ ඉදිරිපත් කිරීම



තවත් ඉදිරිපත් කිරීම් කිහිපයක්





තරගය අතරතුර තවත් අවස්ථා














තවත් කලා පුවත්

Previous
Next Post »