Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජාතික ගීය දෙමළෙන් ගයන්න "අලුත් පරපුරෙන්" ආරාධනා (Photos)

Wednesday, May 20, 2015

යුද්ධයේ ජයග්‍රහණය සැමරීම බෙදුම්වාදයට සහය දීමක් බව ‘අලූත් පරපුර’ සංවිධානය පවසනවා. කලාකරුවන්ගෙන් ද සමන්විත එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ යුද්ධයේ අවසානයක් මිස ජයග්‍රහණයක් නොමැති බවයි. යුද්ධය නිමා වූ දිනය ජයග්‍රහණය සැමරීමට නොව සහෝදරත්වය අලූත් කරගැනීමට අවස්ථාවක් කරගත යුතු බවද ‘අලූත් පරපුර’ සංවිධානය පෙන්වා දෙනවා. ඔවුන් මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය , නෙළුම් පොකුණ රඟහල අසල ඊයේ (මැයි 19) සවස පැවැත් වූ කෙටි වැඩසටහනකදීයි.

යුද්ධයේදී මියගිය අය සිහි කරමින් ඉටි පන්දම් දැල්වීම හා නිහඬතාවක් පැවැත්වීම ද මෙහිදී සිදුකෙරුණා. වැඩසටහන අවසානයේ සිංහල හෝ දෙමළ යන භාෂා දෙකෙන් පහසු භාෂාවකින් ජාතික ගීය ගායනා කරන ලෙස රැස්ව සිටි පිරිසට ආරාධනා කෙරුණා. 

පහත දැක්වෙන්නේ මෙම කෙටි උත්සවයේ ඡායාරූප කිහිපයක්





තවත් කලා පුවත්

Previous
Next Post »