Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජාතික යොවුන් නාට්‍ය උළෙල ඇරඹෙයි

Tuesday, May 19, 2015
ජාතික යොවුන් නාට්‍ය උළෙල අද (මැයි 19) ආරම්භ වනවා. සිංහල දිගු නාට්‍ය 06 ක්, කෙටි නාට්‍ය  12 ක් සහ දෙමළ කෙටි නාට්‍ය 04 ක් මේ සදහා සුදුකම් ලබා තිබෙනවා. එම නාට්‍ය අද සිට ලබන 28 වනදා දක්වා කොළඹ 07, ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේදී දිනපතා සවස 6.30 ට වේදිකාගත කිරීමට නියමිතයි. පළමු දිනය වන අද වේදිකාගත කෙරෙන්නේ දිනේෂ් සඳරුවන්ගේ "නියඟලා ප්‍රේමය" නාට්‍යයයි.

ජාතික යොවුන් නාට්‍ය උළෙල ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධාන කෙරෙනව. මෙවර එය පැවැත්වෙන්නේ 35 වන වරටයි.

තවත් කලා පුවත්

Previous
Next Post »