Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නිළි ගණිකාවන් ගැන මහේෂි කතාකරයි

Monday, May 18, 2015
ගණිකා වෘත්තියේ යෙදෙන නිළියන් ගැන විවිධ මාධ්‍ය විසින් විටින් විට වාර්තා කරනවා. කෙසේ වෙතත් එම තැනැත්තියන් සැබෑ ලෙසම නිළියන් නොවන බවයි මහේෂි මධුසංඛා පවසන්නේ. ඔවුන් අහම්බෙන් ලැබුනු අවස්ථා වලදී චිත්‍රපට හෝ ටෙලි නාට්‍යවල ඉතා සුලු දර්ශන වලට පෙනීසිටි අය බවද ඇය කියා සිටියා. මේ අනුව ගණිකා වෘත්තියේ යෙදුනු තැනැත්තියන් අත්අඩංගුවට ගත් විට ඔවුන්ව නිළියන් ලෙස හදුන්වා දීම වැරදි බවයි  මහේෂි පෙන්වා දෙන්නේ. තවද එවැනි වැරදි ප්‍රවෘත්ති නිසා සැබෑ නිළීයන් කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇතිවන බවද ඇය පෙන්වා දෙනවා.

ගණිකා වෘත්තියේ යෙදෙන සමහර තැනැත්තියන් සේවාදායකයන් ආකර්ශනය කරගැනීමට තමන් නිළීයන් බවට රැවටීම් කරන බවයි  මහේෂි වැඩිදුරටත් පවසන්නේ. තමන් නිළියන් බව පැවසීමෙන් සේවාදායකයන් ගෙන් වැඩි මුදලක් ලබාගැනීමටද ඔවුන් උත්සාහ කරන බව ඇය කියා සිටියා.

තමන් මේ දේවල් කතා කිරීම නිසා ඇතැම් අය තමන් සමග අමනාප වනු ඇති බවද  මහේෂි පවසනවා. කෙසේ වෙතත් ඇත්ත කතාකිරීමට තමන් බිය නොවන බවයි ඇය පැවසුවේ.

තවත් කලා පුවත්

Previous
Next Post »