Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අද සිට අපි අලුත්

Sunday, May 17, 2015
"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" මේ බොහොම ප්‍රකට කියමනක්. ඊට අනුව යමින් අලුත් වෙන්න "කලාපූර්" අපත් කල්පනා කළා.

කලාව වෙනුවෙන් සයිබර් අවකාශයේ නිර්මාණාත්මක පෙරළියක් කරමිනුයි "කලාපූර්" ආරම්භ වුණේ. අපේ ගමනට මේ වෙකොට වසර එකහමාරක් පමණ ගතවී තිබෙනවා. 

"කලාව" යනු සීමා බිදගෙන අසීමිත අවකාශයක විහිදෙන උත්තරීතර හා සුන්දර මානව සංකල්පයක් බවයි අපේ විශ්වාසය. ඒ නිසා "කලාපූර්" අපත් සාම්ප්‍රදායික සීමා ඉක්මවා යමින් වඩා සාරවත් වාර්තාකරණයකට උත්සහ කළා. සෑම විටම අප පිළිගත් සීමාවන් වූයේ කලාවේ ජීව ගුණයන් වන උත්තරීතර බව සහ සුන්දරත්වයයි. සමහරුන් අපට හොඳ කිව්වා. එත් ඇතැම් අය අප ගැන ඉදිරිපත් කළේ කටුක විවේචනයි. එක් අවස්ථාවකදී "කලාපූර්" වාරණය කරන්නත් උත්සහ ක්‍රියාත්මක වුණා. එසේ තිබියදීත් සහෘද පාඨකයන් සිටියේ අප සමගයි. ඒ නිසාම වඩා ධෛර්යමත්ව දිනෙන් දින ඉදිරියට යන්න අපට පුළුවං වුණා. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙබ් හෝ බ්ලොග් අඩවි 350 අතරට පිවිසීම මේ ගමනේදී අප ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණයයි.

අද සිට අප අලුත් වන්නේ පාඨක ඔබ වෙනුවෙන් වඩා හොඳ සන්නිවේදන කාර්යක යෙදීමේ අපේක්ෂාවෙන්. "කලාපූර්" හි මතුපිට පෙනුම වගේම අද සිට අපේ වාර්තාකරණ විලාශය ද වඩා තියුණු හා දියුණු වනවා. එහිදී ඔබේ අදහස් ද අපිට හරිම වැදගත්. ඒ නිසා ඔබේ යෝජනා හා චෝදනා නොපැකිලිව අප වෙත යොමුකරන්නැයි සහෘද පාඨක ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »