Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කෙටි නාට්‍ය හතරක් එක පෙළට බලමුද ?

Wednesday, May 20, 2015
ජාතික යොවුන් නාට්‍ය උළලේ දෙවන දිනය අද (මැයි 20) යි. අවසන් වටයට සුදුකම් ලැබූ කෙටි නාට්‍ය හතරක් අද වේදිකාගත කෙරනෙවා. ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ශ්‍රවණාගාරයේදී සවස 6.30 ටයි. අදාළ කෙටි නාට්‍ය හතරෙන් තුනක් සිංහල මාධ්‍යයෙන් වනවා. අනෙක් කෙටි නාට්‍ය දෙමළ මාධ්‍යයේ එකක්. පළමු දිනය වූ ඊයේ දිනේෂ් සඳරුවන්ගේ "නියඟලා ප්‍රේමය" නාට්‍ය වේදිකාගත කෙරුණා.

ජාතික යොවුන් නාට්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ 35 වන වරටයි. ජාතික තරුණ සේවා සභාව එය සංවිධාන කරනවා.

අද වේදිකාගත කෙරෙන සිංහල කෙටි නාට්‍ය මෙසේයි.

මධුරංග ශ්‍රී ලාල්ගේ "බෝට්ටුව"

නිෂාදි පලංසූරියගේ "ඉතිං මොකද ?"

දේවින්දි වික්‍රමසිංහගේ "මරා උපන් කුමාරා"

තවත් කලා පුවත්

Previous
Next Post »