"දඟමල්ල" - නතාෂා යුගදිවියට (Photos)
"සුළඟක් වී මං යනවා..... " ගීතයෙන් ළමා ගායිකාවක් ලෙසත් "දඟමල්ල" ටෙලි නාට්‍යයෙන් ළමා නිළියක් ලෙසත් ජනාදරයට පත්ව පසුව ගායිකාවක් හා නිළියක් මෙන්ම නිවේදිකාවක් ලෙසද ස්ථාවර වූ නතාෂා පෙරේරා ඊයේ (මැයි 21) යුග දිවියට එලැබියා. ඇගේ අතගත් මනාලයා වූයේ ප්‍රිහාන්. විවාහ උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand ) හෝටලයේදී පැවැත්වුණා. එහිදී නතාෂාගේ හැඩගැන්වීම් සිදුකෙරුණේ චම්පි සිරිවර්ධන විසින්. ප්‍රිහාන්ගේ ඇදුම් නිර්මාණය Wills Designing (pvt) Ltd වෙනුවෙන් නාමල් බාලචන්ද්‍ර විසින් සිදුකෙරුණා. මල් සැරසිලි සිදුකළේ Chamathkara Flora ආයතනයයි. පහත ඡායරූප ධම්මික සිරිවර්ධන විසින් ලබාගත්තා.
EmoticonEmoticon