Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ්‍රී ලංකාව ගැන චිත්‍රපටයකට ජාත්‍යන්තර සම්මානයක්

Monday, May 25, 2015
සුප‍්‍රකට කෑන්ස් (Cannes) සිනමා උළෙලේදී හොඳම චිත‍්‍රපටය සඳහා වන පාම් දි  ඕ සම්මානය (Palme d'Or) ශී‍්‍ර ලංකාවේ දෙමළ සරණාගතයන් පිළිිබඳ නිර්මාණය කෙරුණු චිත‍්‍රපටයකට හිමිවුණා. ප‍්‍රංශ ජාතිකයෙකු වන ජැක්  ඕඩියට් (Jaques Audiard) විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත‍්‍රපටය දීපාන්. යුද සමයේදී ශී‍්‍ර ලංකාවෙන් පලාගිය දෙමළ පවුලක් ප‍්‍රංශයේදී නව ජීවිතයක් ආරම්භ කරන ආකාරය දීපාන් චිත‍්‍රපටයෙන් නිරූපණය කර තිබෙනවා. එයි ධාවන කාලය පැය එකයි විනාඩි 40ක්.

කෑන්ස් සිනමා සම්මාන උළෙල ඉකුත් 13 වැනිදා සිට ප‍්‍රංශයේදී පැවැත්වුණා. ලොවපුරා කලා තරු රැසකගේ සහභාගිත්වයෙන් එහි සම්මාන ප‍්‍රදානය සිදු කෙරුණේ ඊයේ (මැයි 24) රාති‍්‍රයේදීයි. හොඳම චිත‍්‍රපටය සඳහා වන පාම් දි  ඕ සම්මානය සඳහා චිත‍්‍රපට 19ක් නිර්දේශ වී තිබුණා. දීපාන් චිත‍්‍රපටය එම සම්මානය දිනා ගනිද්දී එහි දෙවන ස්ථානය හිමි වූයේ හන්ගේරියානු අධ්‍යක්ෂවරයෙකු විසින් නිර්මාණය කරන ලද සන් ඔෆ් සෝල් චිත‍්‍රපටයටයි.
හොඳම නළුවා ලෙස ද මෙෂර් ඔෆ් අ මෑන් (Measure of a Man) චිත‍්‍රපටයේ වින්සන් ලින්ඩන් (Vincent Lindon) සම්මාන දිනා ගත්තා. හොඳම නිලිය සඳහා වූ සම්මානය දෙදෙනෙකු අතර සමව බෙදී යාම විශේෂත්වයක්. ප‍්‍රංශ තරුණියන් දෙදෙනෙකුගේ සමලිංගික ආදරයක් වටා ගෙතුණු කැරොල් (Carol) චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් රූනි මාරා (Rooney Mara) සහ මොන් රෝයි (Mon Roi) චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ප‍්‍රංශ නිලි එමානුවෙල් (Emmanuelle Bercot) බාර්කෝට් අදාළ සම්මානය දිනා ගත්තා.

තවත් කලා පුවත්

Previous
Next Post »