Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ්‍රී ලාංකික චිත්‍රපටයක් දකුණු ආසියාවේ අංක 01 වෙයි

Monday, June 01, 2015
සාර්ක් සිනමා උළලේදී ප්‍රධාන සම්මාන දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඉකුත් 26 වනදා ආරම්භ වී ඊයේ දිනය (මැයි 31) දක්වා කොළඹදී පැවති මෙම සිනමා උළෙල මෙවර සංවිධාන කෙරුණේ 05 වන වරටයි. රටවල් 8 ක් නියෝජනය කරමින් චිත්‍රපට 18 ක් මේ සදහා ඉදිරපත් වී තිබුණා. ශ්‍රී ලංකාව සම්මානයට පාත්‍රවූයේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂක සදහායි.

සමීර රංගන අධ්‍යක්ෂණය කළ "මෝටර් බයිසිකල්" (Motor Bicycle) චිත්‍රපටය  හොදම චිත්‍රපටය වුණා. හොදම අධ්‍යක්ෂණය සදහා සම්මානය දිනාගත්තේ පටිභාන (Perception) චිත්‍රපටය වෙනුවෙන් රබින් චන්ද්‍රසිරියි. 

මීට අමතරව 'Dreams,Weavers & Viewers' නම් කෙටි සිනමාපටය අධ්‍යක්‍ෂණය කල නයනි සන්ධ්‍යා චන්ද්‍රසිංහ මෙහිදෟ ජූරියේ විශේෂ සම්මානයෙන් දිනාගත්තා.







තවත් කලා පුවත්

Previous
Next Post »