Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සෝමරත්න නදීට කපයි

Wednesday, June 03, 2015
රංගන ශිල්පිණී නදී චන්ද්‍රෙස්කර විසින් නිෂ්පාදනය කෙරුණු ජාතික රූපවාහිනියේ විකාශය කළ "ලා සඳ පාමුල" ටෙලි නාට්‍ය හදිසියේ නවතා දමා තිබෙනවා. මෙම ටෙලි නාට්‍ය නිර්මාණය කර තිබුණේ කොටස් 62 න් යුක්තවයි. සිකුරාදා දිනවල රාත්‍රී 8.30 ට එය විකාශය කෙරුණා. හදිසියේ නවතා දමන විට ඒවායෙන් විකාශය කර තිබුණේ කොටස් 32 ක් පමණයි. 

"ලා සඳ පාමුල" නදී චන්ද්‍රසේකරගේ කුළුදුල් නිෂ්පාදනය ද වනවා. තමන් මෙම ටෙලි නාට්‍ය සදහා මුදල් සොයාගත්ගේ ඉතා අසීරුවෙන් බවයි ඇය "කලාපූර්" වෙත කියා සිටියේ. ලේඛන කලාව සදහා යොමුවූ මහාචාර්යවරයෙකු සහ ලාබාල ලද බොලද බිරිදක් වටා මෙහි කථාව ගෙතී තිබෙනවා. සැලකිය යුතු ප්‍රේක්ෂකයන් පිරිසක්  ද මෙම ටෙලි නාට්‍ය වටා රොක් වී සිටි බවයි නදී චන්ද්‍රෙස්කර පවසන්නේ. ජාතික රූපවාහිනියේ විකාශය කිරීමට තෝරාගැනීම සදහා කෙරුණු මූලික පරීක්ෂණවලදීද ඊට ඉහළ ලකුණු සංඛ්‍යාවක් හිමිවූ බව ඇය පවසනවා. එසේ තිබියදී සිය ටෙලි නාට්‍ය විකාශය කිරීම හදිසියේ නවතා දැමීම අසාධාරණයක් බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

තමන්ට සිදූවූ මෙම අසාධාරණය දේශපාලන පළිගැනීමක් වියහැකි බවට ද නදී චන්ද්‍රෙස්කර සැක පළ කරනවා. අදාළ තීරණය ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානයක මහතාගේ උවමනාව අනුව ක්‍රියාත්මක් වූවක් බවයි ඇගේ අදහස වන්නේ. ඒ සම්බන්ධයෙන් නැවත සලකා බලා තමන්ට සාධාරණය ඉටුකරන්නැයි ඇය ඉල්ලීමක් ද කරනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »