Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කලා ශිල්පී ජේ.එච් ජයවර්ධන අභාවප්ප්‍රාප්ත වෙයි

Wednesday, June 03, 2015
කලා ශිල්පී ජේ.එච් ජයවර්ධන මහතා අභාවප්ප්‍රාප්ත වුණා. 94 වැනි වියේ පසුවු ඒ මහතා ඊයේ (ජුනි 02) රාත‍්‍රී අභාවප‍්‍රාප්ත වූ බවයි ඥාතීන් පැවසුවේ. අවසන් කටයුතු වැලිසර පොදුසුසාන භූමියේ දී හෙට සිදුකෙරෙනවා.  

කලක් රාජ්‍ය සේවකයෙකු ද වු ජේ.එච් ජයවර්ධන මහතා කලා ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ ගුවන් විදුලිය හරහායි. සිගීරි නලඟන ඇතුළු ගුවන් විදුලි නාට්‍ය කිහිපයකම ඔහු හඬ නළුවෙකු වුණා. පදපෙරළි, රිසිපැන සහ දැනුම මිනුම වැනි ගුවන් විදුලි අධ්‍යාපන විශේෂාංග නිෂ්පාදනය කරමින් ද ඔහු සිය කුසලතා ඵලදායි ලෙස ආයෝජනය කළ බවයි විචාරකයින් පවසන්නේ. 

සිය රංගනයෙන් වේදිකාව, පුංචි තිරය සහ සිනමාව ජය ගැනීමට ද ජේ.එච් ජයවර්ධනයන් සමත්වුණා. කැළණි පාළම සහ මකරාක්‍ෂයා ඔහු රඟපෑ වේදිකා නාට්‍යවලට උදාහරණයි. හඳයා සහ දඩයම යන චිත‍්‍රපට ද හිරුට මුවාවෙන් ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවක් ද ජේ.එච් ජයවර්ධනයන්ගේ රංගන කුසලතාවන්ගෙන් හැඩවුණා. 

තවත් කලා පුවත්

Previous
Next Post »