Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිනමාවට

Wednesday, June 03, 2015
ජනතාව අතර කථා බහට ලක්වන සිද්ධීන් හා පුද්ගලයන් ඇසුරෙන් නිර්මාණ කෙරෙන චිත්‍රපට වරින් වර රිදී තිරයට පැමිණෙනවා. මෙරි කොම් (Mary Kom) සහ භාග් මිල්කා භාග් (Bhaag Milka Bhaag) බොලිඩුඩ් සිනමාවෙන් ඊට සොයාගත හැකි ආසන්නම උදහරණයි. මේ අනුව යමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මොහොමඩ් අසාරුදීන්ගේ චරිතය ද චිත්‍රපටයකට නැගීමට බොලිවුඩ් අධ්‍යක්ෂවරයෙකු සූදානම් වනවා. ඒ ටොනී ඩි සොයිසා (Tony D' Souza)යි. එක්තාර් කපූර් (Ektar Kapoor) ප්‍රමුඛ පිරිසක් මෙය නිෂ්පාදනය කරනවා. මොහොමඩ් අසාරුදීන්ගේ චරිතය නිරූපණය කරන්නේ එම්රාන් හෂ්මි (Emraan Hashmi)යි. 

මොහොමඩ් අසරූදීන් ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් හේතුවෙන් ක්‍රිකට් තහනමකට ලක් වූ අයෙක්. 1996 වසරේදී ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනගාන්නා විට ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද ඔහුයි. පසුව දේශපාලනට පිවිසි අසාරුදීන් මේ වනවිට සක්‍රිය දේශපාලනයේ නිරත වනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »