Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මම "නදීට කැපුවේ නෑ" - සෝමරත්න උත්තර දෙයි

Thursday, June 04, 2015
" ලා සඳ පාමුල " ටෙලි නාට්‍යයේ විකාශන කටයුතු අතරමග නතර කර දැමුවේ කිසිදු දේශපාලන බලපෑමක් නිසා නොවන බව ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක මහතා පවසනවා. එය අදාළ ටෙලි නාට්‍යයේ නිෂ්පාදිකාව වූ නදී චන්ද්‍රස්කරට එරෙහි කැපිල්ලක් ද නොවන බවයි ඔහු කියා සිටියේ.

මෙම ටෙලිනාට්‍ය සදහා ප්‍රේක්ෂක ප්‍රතිචාර අවම වූ බව සෝමරත්න දිසානායක මහතා පවසනවා. ඒ සදහා වෙළඳ දැන්වීම් පවා නොලැබුණු බව යි ඔහු කියා සිටියේ. අදාළ ටෙලි නාට්‍යයේ විකාශන කටයුතු අතරමග නතර කෙරුණේ ඒ නිසා බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

" ලා සඳ පාමුල "  ටෙලි නාට්‍ය පමණක් නොව අසාර්ථක වූ තවත් ටෙලි නාට්‍ය කිහිපයක් ද මෙලෙස අතරමග නතර කෙරුණු බව සෝමරත්න දිසානායක මහතා පවසනවා. වැඩි ප්‍රෙක්ෂක ආකර්ශනයක් දිනාගත හැකි, වෙළඳ වටිනාකමක් සහිත සහ වඩා ගුණාත්මක ටෙලි නාට්‍ය සදහා අවස්ථාව ලබාදීමට එමගින් හැකි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

" ලා සඳ පාමුල " ටෙලි නාට්‍ය නිෂ්පාදන කළ නදී චන්ද්‍රෙස්කරගේ චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් මෙම අදහස් පළ කෙරුණා.

නදී චන්ද්‍රාස්කරගේ චෝදනා දැනගැනීමට පහත Link එක Click කරන්න

සෝමරත්න නදීට කපයි


තවත් කලා පුවත්

Previous
Next Post »