Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"මේ වගේ ආදරයක් " දැන් බලමු......

Monday, June 15, 2015
චන්ද්‍රන් රත්නම් යනු දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද සම්මානයට පාත්‍රවූ සිනමාවේදියෙක්. ඔහු විසින් අධ්‍යක්ෂණය කෙරුණු නවතම චිත්‍රපටය වන "මේ වගේ ආදරයක් " අද (ජුනි 15) මුදාහැරෙනවා. හැබැයි වෙනත් චිත්‍රපට වගේ මෙම චිත්‍රපටය නම් මුදාහැරෙන්නේ සිනමා ශාලාවලට නෙමෙයි, Dialog සැටලයිට් TV වෙතයි. 

පෝලිමේ ඉදලා සිනමා ශාලාවලව ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලැබෙනකොට එහි රගපඋ නළු නිළියන් ද වයසට ගොස් චිත්‍රපටය කල් ඉකුත් වනු ඇති බවයි චන්ද්‍රන් රත්නම් පවසන්නේ. එ් අනුව චිත්‍රපට, රසිකයන් වෙත ගෙනයාමට විලක්ප ක්‍රම සොයාගත යුතු බවද ඔහු කියා සිටියා. "මේ වගේ ආදරයක් "  සිනමා ශාලාවලට පෙර Dialog සැටලයිට් TV වෙත මුදාහැරෙන්නේ ද ඒ අනුව බවයි චන්ද්‍රන් රත්නම් වැඩිදුරටත් පවසන්නේ. ඉදිරියේදී අවස්ථාවක් ලැබුණහම එය සිනමා ශාලාවල ප්‍රදර්ශන කරන බව ද ඔහු කියා සිටියා.

"මේ වගේ ආදරයක් " චිත්‍රපටය ගුවන් නියමු උපදේශකවරයෙකු (රොෂාන්) සහ ගුවන් යානා ඉංජිනේරු සිසුවියක් (සෙරීනා) වටා ගෙතුණු කථාවක්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අනූජ් රණසිංහ සහ දිනක්ෂි ප්‍රියසාද්. මෙම චිත්‍රපටය සදහා සිංහල සදහා අප්‍රිකානු යන් භාෂා දෙකක් යොදාගෙන තිබීම ද විශේෂත්වයක් වනවා. මෙහි මාධ්‍ය දර්ශනය පැවැත්වුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ඉකුත් 05 වනදායි. චිත්‍රපටයට සභාගීවූවන් මෙන්ම කලා ක්ෂේත්‍රයේ තවත් බොහෝ දෙනෙකු ද ඊට සහභාගී වී සිටියා.

"මේ වගේ ආදරයක් " Trailer  


මාධ්‍ය දර්ශනයේ අවස්ථා කිහිපයක්........















චිත්‍රපටයේ දර්ශන කිහිපයක්........





තවත් කලා පුවත්

Previous
Next Post »