Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

උදාරි Mrs. Sri Lanka වෙයි

Friday, June 05, 2015
2015 Mrs Sri Lanka හෙවත් ශ්‍රී ලාංකික විවාහ රූ රැජිණ ලෙස රංගන ශිල්පී උදාරී වර්ණකුලසූරිය කිරුළ දිනාගත්තා. මෙම තරගය පැවැත්වුණේ ඉකුත් මස 26 වනදා (මැයි 26) කොළඹ ගලධාරී හෝටලයේදීයී.  එහිදී ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් උදාරි දැඩි සේ සතුටට පත්වී සිටිනවා. මෙම ජයග්‍රහණය සදහා තමන් බොහෝ කැපකිරීම කළ බවයි ඇය "කලාපූර්" වෙත කියා සිටියේ. සිරුර කෙට්ටු කරගන්න ආහාර පාලනය කිරීමටත් සමහර දිනවල මධ්‍යම රාත්‍රී 12 ටත් ව්‍යායාම කරන්නත් තමන්ට සිදුවූ බව ද ඇය පැවසුවා.

2015 Mrs Sri Lanka ලෙස කිරුළ දිනාගතැනීමත් සමග ලබන දෙසැම්බර් මාසයේ චීනයේ පැවත්වෙන් 2015 Mrs Global හෙවත් ලෝක විවාහක රූ රැජිණ තරගයට සහභාගීවීමේ අවස්ථාව ද උදාරිට හිමිව තිබෙනවා. ඒ ගැන අදහස් දක්වමින් උදාරි කියා සිටියේ රූ රැජිණක් වීමට ලස්සන රූපය පමණක් ප්‍රමාණවත් නොවන බවයි. රූ රැජිණ තරගයකට සහභාගීවන්නියක් රටක තානාපතිවරියත් බව ද ඒ නිසා රට ගැන හොද අවබෝධයක් ඇයට තිබිය යුතු බව ද උදාරි පැවැසුවා. මේ දිනවල තමන් වැඩියෙන් ප්‍රවෘත්ති බලන බවයි උදාරි වැඩිදුරටත් පවසන්නේ. කාලීන වැඩසටන් නැරඹීමද දැන් පුරුදක් වී ඇතැයි ඇය පවසනවා.

කෙසේ වෙතත් රගපෑම් වලින් නම් උදාරි ඉවත් වී නැහැ. "සුසමට පවා රහසින්" සහ "වස්සාන සමය " යන ටෙලි නාට්‍යවලට අය මේ දිනවල සම්බන්ධ වී සිටිනවා. මීට අමතරව අමෙරිකාවේ රූගත කෙරෙන චිත්‍රපටයකට ද තමන්ට අරාධානාවක් ලැබී ඇති බවයි උදාරි පවසන්නේ.

පහත දැක්වෙන්නේ 2015 Mrs Sri Lanka තරගය අතරවාරයේ උදාරි පෙනීසිටි ඡායාරූප කිහිපයක්















2015 Mrs Sri Lanka තරගයේ තවත් අවස්ථා කිහිපයක් මේ.....



තවත් කලා පුවත්

Previous
Next Post »