Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ටෝනි නිහඩ වෙයි

Tuesday, June 16, 2015
සම්මානීය කලාකරුවෙකු වූ ටෝනි රණසිංහ මහතා අද උදෑසන අභාවප‍්‍රාප්ත වුණා. පවුලේ ඥාතීන් පැවසුවේ ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් සති දෙකක පමණ කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි බවයි. මියයන විට ඒ මහතා 79 වන වියේ පසු වුණා.

ටෝනි රණසිංහ සිය කලා දිවිය ආරම්භ කළේ වේදිකාවෙන්. 1962 දී සුගලපාල ද සිල්වා විසින් නිර්මාණ කෙරුණු "බෝඩිංකාරයෝ" ඔහු රගපෑ පළමු වේදිකා නාට්‍යයයි. "ජුලියස් සීසර්" "දොළොස්වන රාත්‍රිය" සහ "ගිම්හානයේ රියක සිහිනයක්" වැනි තවත් වේදිකා නාට්‍ය ගණනාවක් ද ඔහුගේ රංගන ප්‍රතිභාවෙන් හැඩ වුණා. 

ටෝනි රණසිංහ සිනමාවට පිවිසියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "ගම්පෙරළිය" චිත්‍රපටයෙන්. "පරසතුමල්" , "හන්තානේ කථාවක්" , "දුහුලු මලක්" ,  "මායා" හා "සප්ත කන්‍යා" වැනි චිත්‍රපට ද ඔහුගේ රංගන ප්‍රතිභාවෙන් වර්ණවත් වුණා.


තවත් කලා පුවත්

Previous
Next Post »