Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

වෙලේ සුදා උදයන්තිට මුදල් දුන් හැටි

Friday, June 19, 2015

රංගන ශිල්පිනි උදයන්ති කුලතුංග මෙනෙවියගේ සහ ඇගේ සහෝදරියගේ බැංකු ගිණුම් තහනම් කර ඇත්තේ ශ‍්‍රී ලංකා මහබැංකුව විසින් බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (ජුනි 19) දැනුම් දුන්නා. ඊට අදාලව කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් ද ලබාදී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව එම නියෝගයේ පිටපතක් මිලග නඩු දිනයේ දී තමන් වෙත ලබා දෙන්නැයි මහේස්ත‍්‍රාත්වරයා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.  

උදයන්ති කුලතුංග මෙනෙවිය සහ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සමන්ත කුමාර නොහොත් වෙලේසුදා අතර කිසියම් සම්බන්ධයක් පැවති ඇති බවයි මේ වන විට හෙලිවී තිබෙන්නේ. ඔවුන් දෙදෙනා අතර මුදල් ගනුදෙනු ද සිදුවී ඇතැයි වෙලේ සුදාගේ ජංගම දුරකථන පරික්‍ෂා කිරීමේ දී හෙලිවු බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. 

අවස්ථා හතරක දී වෙලේ සුදා විසින් රුපියල් ලක්‍ෂය බැගින් උදයන්ති කුලතුංග මෙනෙවියට ලබාදී තිබෙනවා. ඊට අමතරව ඇගේ උපන් දිනයක් අවස්ථාවේ වෙලේ සුදා විසින් රුපියල් 50,000ක ත්‍යාගයක් ද ඇයට ලබාදී ඇතැයි සඳහන්. මෙම සියලූ කරුණු අදාල බැංකු ගිණුම් පරික්‍ෂා කිරීමේදී තහවුරු වී ඇතැයි ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා. 

එක්තරා අවස්ථාවක දී උදයන්ති කුලතුංග මෙනෙවියගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්‍ෂ 100ක තැන්පතුවක් ඇගේ සහෝදරියගේ බැංකු ගිණුමකට මාරු කර තිබෙන බවයි මීට පෙර ප‍්‍රකාශ කෙරුණේ. ඇගේ සහ ඇගේ සහෝදරියගේ බැංකු ගිණුම් තහනම් කිරීමට ආසන්නම හේතුව වී ඇත්තේ ද මෙම මුදල් හුවමාරුවයි. 

කෙසේවෙතත් කිසිඳු අපරාධයකට තමන් සම්බන්ධ නැතැයි ද වෙලේ සුදා සමග දැනුවත්ව කිසිඳු සම්බන්ධයක් තමන් පවත්වා ගොස් නැතැයි ද උදයන්ති කුලතුංග මෙනෙවිය පවසනවා. අධිකරණයෙන් තමන් සාධාරණය අපේක්‍ෂා කරන බවයි අද පැවති නඩු විභාගයෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත කියා සිිටියේ.


අදාල නඩුව ලබන මස 03 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

තවත් කලා පුවත්

Previous
Next Post »