Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බොලිවුඩ් තාරකාවක් අනතුරකින් රෝහලේ

Friday, July 03, 2015
ඉන්දියාවේ රාජස්ථාන් ප‍්‍රාන්තයේ සිදුවු රිය අනතුරකින් රංගන ශිල්පිනියක මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක ද වන හේමා මාලනී තුවාල ලබා තිබෙනවා. මෙම අනතුරෙන් කුඩා දැරියක් මියගොස් ඇති බවයි ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය පවසන්නේ. 

හේමා මාලනී ගමන් කළ මර්සීඞීස් වර්ගයේ මෝටර් රථය හැච්බැක් මාදිලියේ මෝටර් රථයක ගැටීමෙන් ඊයේ (ජුනි 02) රාත‍්‍රී අදාල අනතුර සිදුව තිබෙනවා. මියගිය දැරිය හැච්බැක් මාදිලියේ මෝටර් රථයේ පිටුපස ගමන් කර ඇති බවයි පොලිස් විමර්ශනවලින් හෙලිවී ඇත්තේ. එම රථයේ රියදුරා ද තුවාල ලබා රෝහල් ගතකර සිටිනවා. හේමා මාලනීගේ නළල ප‍්‍රදේශයට සහ පාදවලට තුවාල සිදුවී ඇති බවයි රෝහල් වාර්තා පවසන්නේ. රුධිරය වහනය වන තුවාල ලේන්සුවකින් ආවරණය කර ගැනීමට උත්සහ කරන අන්දම දැක්වෙන ඇගේ ඡායාරූප පෙළක් ද මාධ්‍යවෙත නිකුත් වී තිබෙනවා. ඇගේ රියදුරා වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය වැඩිදුරටත් කියා සිටියේ. 

හේමා මාලනී අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසියා. ඇය රඟපෑ චිත‍්‍රපට ගණන 150කට වැඩියි. 



තවත් කලා පුවත්

Previous
Next Post »