Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දෙනවනම් ගත්තට මොකද ? ලිංගික අල්ලස් ගැන DJ අරා කී කථාව

Saturday, March 01, 2014
ගීත ප්‍රචාරයට ඇතැම් මාධ්‍ය ආයතන ලිගික අල්ලස් ඉල්ලා සිටින බවට අප මීට පෙර වාර්තාවක් පළකලා. ඒ NETH NEWS විසින් කෙරුණු අනාවරණයක් පාදක කරගනිමින්. එම වාර්තාව සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ හඳගැස්ම විශේෂාංගයෙන් ද පසුවිපරමක් කර තිබෙනවා. ඒ මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන්ද සම්බන් කරගනිමින්. හිරු FM වැඩසටහන් අධ්‍යක්ෂ අරවින්ද ලොකුගේ එහිදී කියා තිබෙන්නේ "දෙන්නේ කැමැත්තෙන් නම් මොනවා කරන්නද" වැනි අදහසක්. ලිංගික අල්ලස් හෝ සල්ලි දී ගීත ජනප්‍රිය කරවාගැනීම කලින් කලට එන ජනප්‍රිය මාතෘතාවක් බවද එලෙස අල්ලස් දෙන්නේදැයි විමසිය යුත්තේ ඒ බව කියන ගායක ගායිකාවන්ගෙන්ම බවද ඔහු කියා තිබෙනවා. කෙසේවෙතත් සිරස FM  නාලිකා ප්‍රධානී කිංස්ලි රත්නායක නම් කියන්නේ ලිංගික අල්ලස් හෝ සල්ලි අල්ලස් දුන්තත් ගත්තත් වැරදි බවයි. ලක්හඬ නාලිකාව නම් කිසිම විටෙක ගීත ප්‍රචාරයට එලෙස අල්ලස් ලබානොගන්නා බව එහි නියෝජ්‍ය සාමාන්‍යධීකාරී අශෝක කරුණෘනායක පවසනවා. සිංහ FM  සාමාන්‍යධිකාරී කුල ශ්‍රී කාරියවසම් ද කියා තිබෙන්නේ තම මාධ්‍ය ආයතනය ද අල්ලස් ගන්නෛ් හෝ දෙන්නේ නොමැති බවයි. අලුත් හෝ ප්‍රවීණ ලෙස භේදයක් නොමැතිව ගුණාතමක ගීත ඔනෑම එකක් තම ආයතනයෙන් ප්‍රචාරය කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 
මේ අතර FM දෙරණ වැඩසටහන් ප්‍රධානී බණ්ඩාර විජේරත්න පවසන්නේ තමන් නොගත්තාට වෙනත් ඇතම් මාධ්‍ය ආයතන ගීත ප්‍රචාරයට ලිංගික හෝ මුදල් අල්ලස් ලබාගැනීම සත්‍යක් බවයි. නමුත් එලෙස ලංගික අල්ලස් ගන්නේ ගන්නේ එම ආයතන වල සභාපතිවරුන් හෝ අධ්‍යක්ෂවරුන් වැනි ප්‍රධානීන් විය නොහැකි බව ද බොහෝවිට එලෙස ලිංගික අල්ලස් ලබාගන්නේ පහළ මට්ටමේ සේවකයන් විය හැකි බව ද ඔහු කියා තිබෙනවා. මීට ප්‍රතිචාර දක්වමන් ශ්‍රී FM  සහය වැඩසටහන් අධ්‍යක්ෂ චාරුක සුරවීර ප්‍රකාශ කරන්නේ අදාළ චෝදනා සත්‍යක් නම් ඒවාට සාක්ෂි තිබිය යුතු බවයි. හැබැයි එහෙම අල්ලස් ගන්නම කෙනෙක් උණත් කවදාවත් තමන් අල්ලස් ගන්නා බව මෙහෙම ප්‍රශ්ණ කිරීමකදී පිළිනොගනු ඇතැයි ද ඔහු කියා තිබෙනවා.

පසුගිය පුවත් 



තවත් කලා පුවත්

Previous
Next Post »